Tuesday, July 2, 2013

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.
අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.
මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

සමහරුන් සතුටු වන්නේ ඔවුන් සතුව නවීනතම තාක්ෂණය සහිත උපකරණ ඇත්නම් පමණක් වුවත් Jason Bognacki නම් එසේ නොවේ. ඔහු තෘප්තිමත් වන්නේ වසර 100ක් පැරණි කැමරාවෙන් ජායාරූප ගැනීමෙනි.
ඇත්තෙන්ම Bognacki ට අවශ්‍ය වූයේ ඩිජිටල් ජායාරූප වූ නිසා ඔහුට එම පැරණි කැමරාව හා ඔහුගේ DSLR කැමරාව යොදා ගනිමින් යම් යම් සංස්කරන කිරීමට සිදු වූවත් තවමත් එය 1919 දී නිපදවූ පැරණි  Piccolette Contessa-Nettel folder කැමරාවම ය.

එසේ ම එහි ප්‍රතිඵලය ද සිත් ඇදගන්නා සුළු ය. වසර 100ක් පමණ පැරණි කැමරාවක් යොදාගනිමින් මෙලෙස අගනා ජායාරූප ලබා ගැනීම විශ්මය ජනකය.


ඔන්න ඉතින් අද අපි ඡායාරුපකරණයට ලැදි ඔබ වෙනුවෙන් වටිනා ලිපියක් ලියන්න අදහස් කලා. මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.. අද ලංකාවේ වයස් භේදයකින් තොරව කෙල්ලො කොල්ලො හැමොම කැමතියි ඡායාරුපකරණයට. බොහො දෙනා මෙය තම විනෝදාංශය ලෙස කරගෙන යනවා..  එත් එක් පැත්තකින් මෙම විනෝදාංශය දෙස බැලූ කල තරමක් මිලාධික විනෝදාංශයක් කිව්වොත් නිවැරදියි. ඒ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DSLR කැමරාවක් කිසි සේත්ම ලාභදායී නොවන නිසා.

ඉතින් මෙම විනෝශාංශය වෙනුවෙන් බොහො එතරම් මුදලක් වියදම් නොකරන නිසා පොඩි ඩිජිටල් කැමරාවකින් නවතිනවා..මේ මොන කැමරාව සැලකුවත් ඡායාරූප කළාවටම ආවේනික විශාල පාරිභාෂික වචන මාලාවක් තිබෙනවා. shutter speed, ISO, focal length වැනි යෙදුම් වල භාවිතයන් නොදැන කිනම් කැමරාවකින් වුවද ඉහල ප්‍රතිඵළයක් ලබන්න අපහසුයි. ඔබ මිල අධික කැමරාවක් මිළදි ගැනිමට බලපොරොත්තු වෙනවානම් එම යෙදුම් ප්‍රායෝගිකව භාවිතා වන ආකාරය අත්හදා බැලීම වැදගත් වන කාරණයක්. ඉතින් ඔබත් උත්සාහ කර බලන්න ඔබගේ කැමරාව හැසිරවීම කෙබඳුද කියා…

මෙම ලිපිය බලලා අහක බලාගෙන යන්න එපා.. පොඩි කොම්න්ට් එකකුත් දාගෙනම යන්න හොදේ..

 
Subscribe to RSS Feed Follow me on Twitter!